Monday, July 2, 2012

අපේ ඉලක්කය


මොකද්ද මෙතන වෙන්නෙ?
අපි මෙතන මූලිකවම උත්සහ කරන්නෙ පරිගණක ක්ෂේත්‍රයේ ආරක්ශාව පිලිබදව හැමෝටම තේරෙන විදියට දන්න සිංහලෙන් කථා කරන්න. නරක වැඩ කෙරෙන හැටි ගැන අවබෝධයක් ලබාගෙන ඒවයින් ආරකශා වෙනහැටි තේරුම් ගන්න.
හැකර්
'හැකර්' කිව්වම අපි බොහෝ දෙනාගෙ ඔලුවට එන පිංතූරය එච්චර ලස්සන එකක් නෙමෙයි නේද? අපි ඕකෙ තේරුම පටලවගෙන ඉන්නව කියල දන්නෙ කීයෙන් කී දෙනාද? හැකර් කෙනෙක් කියන්නෙ අලුත් විදියට හිතල අලුත් වැඩක් කරන්න උනන්දු, කෙනෙක් කිව්ව පමනින් දෙයක් පිලිගන්නෙ නැතුව ඒක කරල බලන, සම්මත විදිය ඇරෙන්න වෙන වෙන විකල්ප හොයන බරපතල විදියට අලුත් දේවල් වලට ඇබ්බැහි උන, නොදත් දැනුම පිලිබදව පිපාසයෙන් පෙලෙන කෙනෙක්. දොස්තර කෙනෙක් කියන්නෙ කොච්චර හොද දේවල් කරන කෙනෙක් ද? කිහිප දෙනෙක් නරක වැඩ කලා කියල අපි ඒ අයව පිලිකුල් කරන්නෙ නෑ නේද? හැකර් කෙනෙක් කියන්නෙත් ඒ වගේ තමන්ගෙ බුද්ධිය අලුත් දේවල් වලට යොදවන කෙනෙක්. අවාසනාවට බොහොමයක් දෙනා දන්නෙ news වලට කියවෙන නරක අය ගැන විතරයි.
අපේ ඉලක්කය
තාක්ෂණය ගැන සම්මතයෙන් පිට පුලුල්ව හිතන අයට තල්ලුවක් දෙන්නයි, පරිගණක ක්ෂේත්‍රයේ ආරක්ෂාව ගැන උනන්දුව ඇති අයට උදව් කරල, උනන්දුව නැති අයව උනන්දු කරන එක තමයි බලාපොරොත්තුව. පහුගිය අවුරුදු කිහිපය ඇතුලත අපේ අන්තර්ජාල භාවිතය බොහෝම ඉහලට ගිහින් තියනව. අන්තර්ජාලෙන සිදුවෙන හොද ඒමටයි. නමුත් අපි මතක තියාගන්න ඕනා අන්තර්ජාලය කියන්නෙත් කතරගම වගේ නොදැන ගියොත් අමාරුවෙ වැටෙන්න පුලුවන් තැනක් කියල.
අපිට එකතු වෙන්න
දැනුම ලබාගන්න විතරක් නෙමෙයි, දැනුම බෙදාගන්න කැමති හැම දෙනාටම අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. මේ අඩවිය සංවර්ධනය කරන්න උදව්වෙන්න කැමති නම් anthr6x@hacker.lk වලට මේල් එකක් එවන්න.

No comments:

Post a Comment